දේශීය

වැලි ජාවාරමක් වැටලීමට ගිය කොස්තාපල්වරයෙකු ටිපර් රථයකට යට කර ඝාතනය කෙරේ

(UTV | කුරුණෑගල) – ඊයේ (28) රාත්‍රියේ කුරුණෑගල – කොබෙයිගනේ – හාතලව ප්‍රදේශයෙන් දැදුරු ඔයේ සිදුවන වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු වැලි ජාවාරමේ නිරත ටිපර් රථයකට යට කර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

මේ ජාවාරම පිළිබඳව සොයාබැලීමට 05 දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් තිබේ.

එහිදී වැලි ජාවාරම් කිරීමේ නිරත වූ ටිපර් රථයක් එම ස්ථානයෙන් පළා යෑමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේදී පොලිස් කොස්තාපල්වරයෙකු විසින් එය නතර කිරීමට උත්සාහ කරන විට ටිපර් රථයේ රියදුරු විසින් එම පොලිස් කොස්තාපල්වරයා යටකර පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

අනතුරින් බරපතල තුවාල ලැබූ 32 හැවිරිදි වියේ පසුවන කොස්තාපල්වරයා නිකවැරටිය රෝහලට රැගෙන ගිය අතර, ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇත.

පළාගිය ටිපර් රථ රියදුරා සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

 

Related posts

විදෙස් සංචාරකයින් ගෙන්වීමේදී සෞඛ්‍ය අමාත්‍යංශයෙන් රතු එළියක්

Mohamed Dilsad

නඩු ගොනුවක පිටු ඉරූ නීතීඥවරයා⁣ගේ වෘත්තීයභාවය අහෝසි කරයි

Editor O

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

Mohamed Dilsad

Leave a Comment