ගොසිප්

ෆේස් බුක් සමාගම පරිශීලකයින්ගේ තොරතුරු දෙන්න බැහැ කියයි

(UTV |කොළඹ) – ශ්‍රී ලංකා පොලිසියට පවා සිය පරිශීලකයන්ගේ තොරතුරු පහසුවෙන් ලබා ගත නොහැකි බව ෆේස් බුක් සමාගම පවසා තිබේ.

පොලීසය විසින් ෆේස්බුක් ගිණුම් හිමියකුගේ පෞද්ගලික තොරතුරු ඉල්ලා සිටි අවස්ථාවේ එම සමාගම විසින් මේ බව දැනුම් දී ඇත.

මෙලෙස පරිශීලකයින්ගේ තොරතුරු ලබා දිට හැක්කේ අදාළ පුද්ගලයන් විසින් රටේ යම් නීතියක් උල්ලංඝනය කර ඇත්නම් පමණක් බව ෆේස්බුක් සමාගමේ ආසියා පැසිෆික් කලාපයේ ආරක්ෂක ප්‍රතිපත්ති ප්‍රධානී ඇම්බර් හෝකස් ප්‍රකාශ කරයි.

අන්තර්ජාලය ඔස්සේ පැවැති මාධ්‍යහමුවක් අමතමින් පසුගියදා ඇය මේ බව සඳහන් කර තිබේ.

‘‘පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු අප සතුව තිබෙනවා. ඔවුන්ට (පොලිසියට) අපගෙන් තොරතුරු ඉල්ලා සිටිය හැක්කේ ඔවුන් (ගිණුම් හිමියන්) දේශීය නීති උල්ලංඝනයක් සිදු කර ඇත්නම් පමණයි. එවැනි ඉල්ලීමකදී අපගේ කණ්ඩායමේ අදාළ නීති පිළිබඳව අධ්‍යයනයක් සිදු කරනවා. ඒ සඳහා පුහුණුව ලත් පිරිසක් අප සතුව සිටිනවා”. එය අන්තර්ජාතික නෛතික රාමුවක් යැයි ඇම්බර් වැඩිදුරටත් සඳහන් කර ඇත.

ෆේස්බුක් හි පළවන තොරතුරු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට නම් පොලිසිය අදාළ ක්‍රියාවලිය හරහා ගමන් කළයුතු බවද ඇම්බර් පෙන්වා දෙයි.

ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වේදිකා ඔස්සේ පළ කෙරෙන ඇතැම් පුවත් සහ සටහන් පිළිබඳව නිරීක්ෂණය කරන බවත් ෆේස්බුක් සමාගමින් අවශ්‍ය තොරතුරු ලබාගනිමින් ඇතැම් පළකිරීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිස් දෙපාර්තමේන්තුව පවසා ඇත.

Related posts

කොරෝනා පිලිබඳ ලන්ඩනය කළ අලුත්ම හෙළිදරව්ව

Mohamed Dilsad

රටේ ප්‍රශ්න කියන්නෙ කෙනෙක් නෑ..එංගලන්තෙ මහ රැජිනට පැමිණිලි කරනවා

Mohamed Dilsad

චීනය ලෝකයෙන් සත්‍ය වසන් කරයි – කොරෝනා මරණ 25000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment