විදෙස්

මැරඩෝනාගේ සිරුරට අත තබා සෙල්ෆි ගත් අවමංගල්‍ය සේවකයාට මරණ තර්ජන

(UTV |ආර්ජන්ටිනාව) – පාපන්දු ශූර දියාගෝ මැරඩෝනාගේ සිරුර විවෘත මිනීපෙට්ටියක තැන්පත් කර තිබෙන අවස්ථාවේ දී ඔහුගේ මුහුණ මතට අත තබා සෙල්පි ඡායාරූපයක් ගත් අවමංගල සේවකයා රැකියාවෙන් පහකර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩියාගෝ මොලිනා නමැති එම අවමංගල සේවකයා සිය අතක් මැරඩෝනාගේ මුහුණ මත තබා සෙල්පි ජායාරූපයක් ගෙන තිබු අතර මෙම ඡායාරූපය සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය වී ඇති බවයි.

ඒ සමඟම ඔහුට මරණ තර්ජන පවා එල්ල වී තිබේ.

එම සෙල්පි ඡායාරූප මැරඩෝනාට සිදු කළ අවමානයක් බව ඔහුගේ අනුගාමිකයෝ පවසයි.

මෙම සිද්ධිය ගැන කණගාටුව පළ කළ අවමංගල සමාගම ඔහුගේ අනුගාමිකයින්ගෙන් සමාව අයැද ඇති අතර මැරඩෝනාගේ සිරුර සකස් කිරීම සඳහා භාරව සිටි අවමංගල කණ්ඩායමට මොලිනා නමැත්තාද සම්බන්ධ වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Related posts

එන්නත් නිපදවන ලොව විශාලතම ඉන්දියානු සමාගමක ගින්නක්

Mohamed Dilsad

ඉරාකයේ අයි.එස් සටන්කාමීන් යළි ශක්තිමත් වෙයි

Mohamed Dilsad

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ තුර්කිය වසා දමයි

Mohamed Dilsad

Leave a Comment