දේශීය

ජනාධිපතිවරයා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නා හිමි බැහැ දකී

(UTV |මහනුවර) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නා හිමියන් බැහැ දුටුවේය.

අද (27) පෙරවරුවේ උන්වහන්සේ වැඩ වෙසෙන මීරිගම, මිණිඔලුව, විද්‍යාවාස පිරිවෙන වෙත ගිය ජනාධිපතිවරයා අභිනව මහා නා හිමියන් වෙත සිය සුභාශිංසන පුද කළේය.

ශාසනික, ආගමික සහ ජාතික වශයෙන් රාමඤ්ඤ මහා නිකායෙන් සිදු වන සේවය අගය කළ ජනාධිපතිතුමා එම මෙහෙවර අඛණ්ඩව කරගෙන යාමට තමාගේත්, රජයේත් පූර්ණ සහය ලැබෙන බව පැවසිය.

මහානායක හිමියන්ට චිර ජීවනය ප්‍රාර්ථනා කළ ජනාධිපතිතුමා විශේෂ සටහනක් සමග සමරු සටහන් පොතේ අත්සන් තැබීය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී හිමි ඇතුළු මහා සංඝරත්නය කිහිප නමක් මේ අවස්ථාවට වැඩම කර සිටියහ.

උන්වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමාට ආශිර්වාද කළහ.

Related posts

මාර්තු පළවනදා සිට ලංකාවේ දිනකට ලක්ෂ 6 කට බැගින් කොරෝනා එන්නත

Mohamed Dilsad

චීනයේ වූහාන් නගරය යළි විවෘත කෙරේ

Mohamed Dilsad

මෙරට ආසාදිතයින් ගණන ඉහලට

Mohamed Dilsad

Leave a Comment