දේශීය

අටළුගම කොරෝනා ආසාදිතයින් 74ක්

(UTV |කළුතර) – කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 78 දෙනෙකු වාර්තා වී තිබේ.

ඉන් 74 දෙනෙකුම බණ්ඩාරගම, අටළුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් අප වාර්තාකරු පැවසීය.

IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(24) එම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු ද කොරෝනා වැළදීමෙන් ජීවිතක්ෂයට පත්විය.

කොරෝනා ව්‍යාප්තියේ මුල් කාලයේදී ද අටළුගම ප්‍රදේශයෙන් ආසාදිතයන් හඳුනාගෙන ගැනුණි.

එම ප්‍රදේශයෙන් නැවත රෝගීන් වාර්තා වීම සම්බන්ධයෙන් අවදානය යොමු කළ යුතු බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කරයි.

Related posts

වරාය නගර පනත ගැන විවාදය අද

Mohamed Dilsad

ආදීවාසි නායකයාගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

භාණ්ඩ කිහිපයකට ළඟදීම පාලන මිලක්

Mohamed Dilsad

Leave a Comment