දේශීය

නිකරුනේ කොළඹ ගැවසීම තවමත් අවධානම් – මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු

(UTV |කොළඹ) –  ඊයේ රාත්‍රියේදී මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 20,000 ඉක්මවා ගියේය.

ඒ ඊයේ තවත් ආසාදිතයින් 400 දෙනෙකු ඊයේ අලුතින් හඳුනා ගැනීමත් සමඟය.

ඉන් 391 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.ඔවුන් කොල්මබ ආශ්‍රිත පදිංචිකරුවන් වේ.

මේ නිසා කොළඹ තවමත් අවදානම් මට්ටමේ පවතින බවත් ඒ පිළිබදව අවදානය යොමු කර අත්‍යාවශ්‍ය කටයුත්තකට හැර කොළඹට පැමිණීමෙන් වළකින ලෙසත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඊට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 4 දෙනෙකු, කටාර් සිට පැමිණි 3 දෙනෙකු, රුසියාවේ සහ චීනයේ සිට පැමිණි එක් අයෙකු බැගින් ආසාදිතයින් බවට හඳුනා ගෙන තිබේ.

එමෙන්ම තවත් කොරෝනා මරණ 4ක් ඊයේ වාර්තා වූ අතර, ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 87 දක්වා ඉහළ ගියේය.

Related posts

ධීවර හා නාවික ප්‍රජාව වෙත කාලගුණයෙන් රතු නිවේදනයක්

Editor O

උපකාරක පන්ති ආරම්භ කිරීමට අද සිට අවසර

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ පාක්ෂිකයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment