දේශීය

දුරගමන් සේවා බස් සති අන්තයේදි සාමන්‍ය පරිදි ධාවනයට

(UTV | කොළඹ) – දුර ගමන් සේවා බස් රථ සති අන්තයේ හෙට (21) සහ අනිද්දා (22) දිනයේ සාමාන්‍ය පරිදි ධාවනයට එක් කෙරෙන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ධාවන එච්. පණ්ඩුක මහතා සඳහන් කරයි.

එසේම , හුදෙකලා කර ඇති ප්‍රදේශවලින්  මගීන් නංවා ගැනීම හෝ බැස්සවීම සිදු නොකරන බවත් ඔහු අවධාරණය කළේය.

සෙසු ප්‍රදේශවල බස්රථ සාමාන්‍ය පරිදි ධාවනයට එක් කරන ලෙසට ඩිපෝ කළමනාකරුවන් වෙත උපදෙස් ලබාදී ඇති බව ද පණ්ඩුක මහතා වැඩිදුරටත් පැවසීය.

 

Related posts

බෝරා සමුළුව වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

Editor O

අද වාර්තා වූ ආසදිතයා සම්බන්ධයෙන් සංශෝධනයක්

Mohamed Dilsad

සියලු පාසැල් හෙට සිට යළි විවෘත වෙයි

Mohamed Dilsad

Leave a Comment