දේශීය

හෝමාගමට පැය 10 ක ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – හෝමාගම – ගලවිලවත්ත ජල පොම්පාගාරයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පැය 10 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව, හෝමාගම, පන්නිපිටිය, පැලැන්වත්ත සහ මත්තේගොඩ යන ප්‍රදේශවලට හෙට රාත්‍රී 9 සිට අනිද්දා පෙරවරු 7 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇත.

මේ අතර, මොරටුව ජල පොම්පාගාරයේ නල මාර්ගයක අත්‍යාවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් නිසා අනිද්දා (20) පස්වරු 8 සිට පසුදා පෙරවරු 8 දක්වා පැය 12 ක කාලයක් මොරටුව මහනගර සභා බල ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවනු ඇති.

 

Related posts

තොරතුරු දැනගැනීමේ කොමිෂම ට සභාපතිවරයෙක් පත් කරන්න – නීතීඥ සංගමයෙන් කථානායකට ලිපියක්

Editor O

ලංගම සේවකයන්ගේ නිවාඩු අවලංගුයි

Mohamed Dilsad

තරුණයින් දෙදෙනෙකු වලවේ ගඟට බිලි වෙයි

Mohamed Dilsad

Leave a Comment