දේශීය

සිංහ පැටව් උපතක්

(UTV |හම්බන්තොට) – හම්බන්තොට, රිදීගම සෆාරි උද්‍යානයේදී ඊයේ (17 වැනිදා) සිංහ පැටවුන් තිදෙනෙකු උපත ලබා තිබේ.

උද්‍යානය භාර නිලධාරියෙකු සදහන් කළේ ඊයේ පස්වරු 4.45ට පමණ මෙම පැටවුන්ගේ උපත සිදුවූ බවයි.

එම පැටවුන්ගේ මව වයස අවුරුදු 8ක් වන ෂීනා නමැති ජර්මනියේ සිංහ ධේනුවකි.

පියා වයස අවුරුදු 7ක් වන චීනයට අයත් සිංහයෙකි.

ෂිනා නමැති මෙම සිංහ ධේනුව විසින් මීට පෙර සිංහ පැටවුන් සිව්දෙනෙකු බිහිකළ අතර, ඉන් එක් සිංහ පැටවෙකු 2017 වසරේදී සිංහ රෙජිමේන්තුවට පිරිනමා ඇත.

Related posts

ඉදිරි සති දෙක ඉන්දියාවට සමාන විය හැකියි – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

Mohamed Dilsad

උණුසුම් කාලගුණයක් : හෙට (19) දිනයේ හිරු එළියට වැඩි වශයෙන් නිරාවරණයවීම අවධානම්

Editor O

ඇඳිරි නීතිය ඉවත් කිරීමට ගත් තීරණය ඉවතට

Mohamed Dilsad

Leave a Comment