දේශීය

නිරෝධායනය වෙමින් සිටි රැඳවියන් පිරිසක් පලා යයි

(UTV |මහනුවර) – ඊයේ රාත්‍රියේ මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් රැඳවියන් පිරිසක් පළා යෑමට උත්සහ දරා තිබේ.

මෙහිදී රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තුන් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පවසයි.

නිරෝධායනයට ලක් කර සිටින රැඳවියන් පස් දෙනෙකු ඊයේ රාත්‍රියේ මෙලෙස බන්ධනාගාරයේ තාප්පයෙන් පැන පළා යෑමට උත්සාහ කර ඇත.

ඉන් එක් අයෙකු පළාගොස් ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම රැඳවියන් පස් දෙනාම මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත කළ අයවේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කෑගල්ල බන්ධනාගාර අධිකාරීවරයා පත්කර තිබේ.

Related posts

මැතිවරණ දිනය ගැන අවසන් තීන්දුව අද

Mohamed Dilsad

පළමු පාසල් වාරය අදින් අවසන්

Editor O

SLIATE උපාධි ප්‍රදාන ආයතනයක් බවට පත්කරන ලෙසට ජනපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

Leave a Comment