දේශීය

වතුකම්කරුවන් ගේ දෛනික වැටුප රු.1000ක් දක්වා වැඩි කෙරේ

(UTV | කොළඹ) – 2021 ජනවාරි මස සිට වතුකම්කරුවන් ගේ දෛනික වැටුප රු.1000ක් දක්වා වැඩි කිරීමට යෝජනා කෙරේ.

අයවැය කතාව ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කර සිටියේය.

ඒ අනුව වතු කම්කරුවන් සඳහා එම වැටුප ලබාදීමට අපොහොසත් වන වතු සමාගම් සම්බන්ධයෙන් පියවර ගන්නා බවයි මෙහිදී අගමැතිවරයා පැවසීය.

එමෙන්ම ලාභ නොලබන වතු සමාගම් වල බදු ගිවිසුම් සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට සහ නව නීති ඉදිරියේදී සම්පාදනය කරන බවයි අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

Related posts

මාලිමාව අම්බපාලි ගනිකාවගේ තත්ත්වයට පත්වෙලා – මනෝජ් ගමගේ

Editor O

භූ කම්පන ගැන වාර්තාවක්

Mohamed Dilsad

මුස්ලිම් කොංග්‍රසය නසීර් අහමඩ් නෙරපයි

Mohamed Dilsad

Leave a Comment