දේශීය

ශ්‍රී ලංකාවේ ගුවන් හමුදා ඉතිහාසය අලුත් කළ ගුවන් නියමුවරියන්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ පළමු වරට කාන්තා නියමුවරියන් දෙදෙනෙකුට පියාසර නිල ලාංඡන පැළඳවීම අද (16) චීන වරාය කඳවුරේ පැවති විසිර යාමේ උත්සවයේදී සිදුකරනු ලැබීය.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විය.

සෑම අංශයකින්ම දක්ෂතම කැඩෙට් නිළධාරියාට හිමි රන් අසිපත පළමුවරට කාන්තා කැඩෙට් නිලධාරිනියක විසින් හිමිකර ගැනීම මෙන්ම පළමුවරට ජනාධිපති වර්ණ ධජවලින් සමන්විත විසිරයාමේ පෙළපාලියක් සඳහා කාන්තා නිළධාරිනියක අණ දීම අද දිනයේදී සිදුවීම විශේෂත්වයක්.

 

 

 

Related posts

ඇමති කෙහෙළිය අත්අඩංගුවට

Mohamed Dilsad

බැඳුම්කර සිද්ධියේ රවී ඇතුළු 12 කට වරෙන්තු නිකුත් කිරීමට අදාළ තීරණය අද

Mohamed Dilsad

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම නොවැම්බර් මස ශ්‍රී ලංකාවට

Editor O

Leave a Comment