දේශීය

බස්නාහිරින් පිටවීමට තිබූ තහනම් කාලය අද මැදියම් රැයෙන් අවසන්

(UTV | කොළඹ) – බස්නාහිර පළාතෙන් පිටතට යාම සඳහා පනවා තිබූ සංචරණ සීමාව අද රාත්‍රී 12.00 න් අවසන් වන බව පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව රාත්‍රි දොලහෙන් පසු බස්නාහිර පළාතේ සිට සෙසු පළාත්වලට ගමන් කිරීමට හැකියාව ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ දැනට හුදකලා කර ඇති පොලිස් වසම්වලින් 06 ක් හැර අනෙක් පොලිස් බල ප්‍රදේශ අද අලුයම 05 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත්කරනු ලැබීය.

මීට අමතරව කළුතර / කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්වල දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල එම තත්ත්වය ද අද අලුයම 05 ට ඉවත් කෙරුණි.

එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල මහ නගර සභා සීමාව හා කුලියාපිටිය පොලිස් වසමත් , කලුතර දිස්ත්‍රික්කයේ හොරණ හා ඉංගිරිය පොලිස් වසම් මෙන්ම පානදුර වෑකඩ බටහිර ග්‍රාම නිළධාරී වසම මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල හා මාවනැල්ල පොලිස් වසම් අද අලුයම 05 ට හුදකලා තත්ත්වයෙන් ඉවත් කෙරුණු ලැබීය.

 

 

Related posts

ජන ජීවිතය හා ආයතනික ක්‍රියාකාරිත්වය හෙට සිට යථා තත්ත්වයට

Mohamed Dilsad

සහල් මාෆියාව පාලනය කිරීමට ආණ්ඩුව මැදිහත්විය යුතුයි – බත්තරමුල්ලේ සීලරතන හිමි

Editor O

අද පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් – කාලසටහන නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment