දේශීය

කොරෝනා සම්බන්ධ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෙකු බන්ධනාගාරයට

(UTV |මහනුවර) – කොරෝනා වැළඳී මහ මග පුද්ගලයින් මියගොස් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් පළ කළ පුද්ගලයෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරේ.

පොලිසිය පැවසුවේ මෙම පුද්ගලයා මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.

ඒ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත සැකකරු අද ඉදිරිපත් කළ අවස්ථාවේදිය.

කඩුගන්නාව, හේනවල,එගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි මොහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවේ අද (14) උදෑසනය.

මෙවැනි ප්‍රචාර කළ තවත් පුද්ගලයින් හතරදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Related posts

රවී ඇතුළු වරෙන්තු ලැබූවන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් අරඹයි

Mohamed Dilsad

කොරෝනා ආසාදිත මුළු නාවිකයන් ගණන 578 ක්

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් තාවකාලිකව වැසෙයි

Mohamed Dilsad

Leave a Comment