දේශීය

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර තවත් ඉහළට

(UTV |කොළඹ) – ඊයේ (10)  දිනයේ දී නව ආසාදිතයින් 430ක් හඳුනා ගැනීමත් සමගගැනුණි.

මේ සමඟ මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව‍14,715ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනය වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට අදාළ පොකුරෙන් වාර්තා වු සමස්ථ ආසාදිතයින් ගණන 11,237ක් විය.

ඒ අතරින් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකියන් 1,041ක්, පෑලියගොඩ මාළු වෙළෙඳපොළෙන් පුද්ගලයින් 1,007ක් හා ඉතිරි පුද්ගලයින් 9,189 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආසාදිතයින්ගේ සහ පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඊයේ දිනයේ දී මෙරටින් කොවිඩ් මරණ 5ක් වාර්තා වීමත් සමග මෙරට සිදුව ඇති කොවිඩ් මරණ ගණන 41ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

කොළඹ ප්‍රදේශ රැසකට පැය 28 ක් ජල කප්පාදුවක්

Mohamed Dilsad

විසර්ජන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

Editor O

විදුහල්පතිනිය එපා කියා පාසලක විරෝධයක්

Mohamed Dilsad

Leave a Comment