දේශීය

ඊයේ කොළඹ වැඩිම ආසාදිතයින් කොල්ලුපිටියෙන්

(UTV |කොළඹ) – කොල්ලුපිටිය ප්‍රදේශයෙන් ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 55 දෙනෙකු හඳුනාගෙන තිබේ.

මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 251 දෙනෙක් හමුවූ බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඊයේ දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වූ සෙසු ප්‍රදේශ පහතින් දැක්වේ.

බ්ලුමැන්ඩල් 04, බොරැල්ල 06, දෙමටගොඩ 17, ග්‍රෑන්ඩ්පාස් 32, කෙසෙල්වත්ත 25, කිරුලපොන 04, කොල්ලුපිටිය 55, වැල්ලම්පිටිය 01, මාළිගාවත්ත 20, දෙහිවල 01, කොටහේන 11, මරදාන 20, මට්ටක්කුලිය 08, මිරිහාන 01, කොළොන්නාව 07, මෝදර 04, ගල්කිස්ස 07ක් සහ කොටුව ප්‍රදේශයෙන් 28ක් ලෙස ආසාදිතයින් වාර්තා වේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ – ආසාදිතයින් 118

වත්තල 03, මහර 02, අත්තනගල්ල 05 සහ කැලණිය 08.

කළුතර දිස්ත්‍රික්කයේ – 16

වාද්දුව 11, බුලත්සිංහල 02, හොරණ 02, බේරුවල 01.

පුත්තලම දිස්ත්‍රික්කයේ – නාත්තන්ඩිය ප්‍රදේශයේ 06.

රත්නපුර දිස්ත්‍රික්කයේ – (08)

රත්නපුර 01, කුරුවිට 01, කිරිඇල්ල 02, අයගම 03, නිවිතිගල 01.

මහනුවර දිස්ත්‍රික්කයේ –  ( 04)

තෙල්දෙණිය 03, දොළුව 01.

කෑගල්ල දිස්ත්‍රික්කයේ – ( 07)

අරණායක 06, ගලිගමුව 01.

මඩකළපුව දිස්ත්‍රික්කයේ  ( 01)

වාලච්චේන 01.

ගාල්ල දිස්ත්‍රික්කයේ  ( 02)

ගිංතොට 01, අහුන්ගල්ල 01.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ  – 01

නුවරඑළිය දිස්ත්‍රික්කයේ  – මස්කෙළිය 01

බන්ධනාගාර දෙපාර්තමේන්තුව ( ආසාදිතයින් 24)

බෝගම්බර 23ක් සහ කුරුවිට 01ක්.

පොලිස් දෙපාර්තමේන්තුව ( ආසාදිතයින් 91)

කොටුව පොලිසියේ 82ක්
පොලිස් මුලස්ථානයේ 06ක්
කොම්පඤ්ඤ විදිය 01ක්
විශේෂ කාර්යාංශයේ 01ක්
ක්‍රීඩා අංශයේ 01ක්.

Related posts

දේශීය කිරිපිටි මිල ඉහළට

Mohamed Dilsad

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රජයට රතු එළි දල්වයි

Mohamed Dilsad

‘ආරක්ෂාව සඳහා හිටපු අගමැතිව ත්‍රිකුණාමලයට රැගෙන ගියා’

Mohamed Dilsad

Leave a Comment