දේශීය

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් ගණන තවත් ඉහළට

(UTV | කොළඹ) – බොරැල්ල පොලිසියේ තවත් නිලධාරීන් 7 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇත.

ඒ අනුව එහි සමස්ත ආසාදිතයන් ගණන 48ක් දක්වා ඉහළගොස් ඇති බව වාර්තා වේ.

කොළඹ කොටුව පොලීසියේ ද තවත් 17 දෙනකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබුණි.

බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලින් මේ දක්වා හඳුනාගෙන ඇති කොවිඩ් -19 ආසාදිත නිලධාරීන් ගණන 180කි.

දිවයිනේ විවිධ පොලිස් ස්ථානවලින් දැනට කොවිඩ් -19 වෛරස ආසාදිත නිලධාරීන් 297ක් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

 

 

Related posts

බස්නාහිර හුදෙකලා නොමැති ප්‍රදේශවල 11 වන ශ්‍රේණිය ලබන 25 ඇරඹේ

Mohamed Dilsad

ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

Mohamed Dilsad

ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment