විදෙස්

ඉන්දියාවේ නව කොරෝනා ආසාදිතයන් 50,000 ක් වාර්තා වෙයි

(UTV | ඉන්දියාව) – අද පෙරවරුවේ අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 50,210 ක් වාර්තා  වී ඇති අතර , එය පෙර දිනට වඩා 8.5 % ක වැඩිවීමක්.

ඒ අනුව, ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 8, 364,000 ඉක්මවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ , මේ වනවිට ආසාදිතයන් 7, 656, 000 ක් සුවය ලබා ඇති අතර, සුවය ලැබීමේ ප්‍රතිශතය 92 % ඉක්මවන බවයි.

මේ අතර, කොරෝනා වෛරස් ගෝලීය වසංගත හේතුවෙන් විදේශයන්හි රැදී සිටි ඉන්දියානුවන් විසිනව ලක්ෂයකට වැඩි පිරිසක් මේ වනවිට සිය රට ගෙන්වාගෙන ඇති බව ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍ය හර්දීප් සිං පූරි සඳහන් කළේය.

 

Related posts

ඇමෙරිකානු අභ්‍යවකාශ තාක්‍ෂණ නිර්මාතෘ තායිලන්තයට

Mohamed Dilsad

ප්‍රභල භූ කම්පනයකින් පැපුවානිව්ගිනියාවට බලපෑම්

Mohamed Dilsad

යුක්රේනයේ අගනුවර වැසියන් ජලය ඉල්ලා පෝළිම්වල

Mohamed Dilsad

Leave a Comment