දේශීය

පාර්ලිමේන්තු සභාවේ මංගල රැස්වීම අද

(UTV | කොළඹ) –  20 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපිත කල පාර්ලිමේන්තු සභාව පළමුවරට අද (04) රැස්වීමට නියමිතය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 04 ට එය ආරම්භවනු ඇත.

අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයාද ඊට සහභාගීවීමට නියමිතයි.

මේ අතර පාර්ලිමේන්තු සභාව සඳහා වන විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා වන්නේ අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතායි. ඔවුන් දෙදෙනාද අද පැවැත්වෙන සාකච්ඡාවට එක්වනු ඇති.

 

 

 

 

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිතට කොවිඩ්

Mohamed Dilsad

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

Mohamed Dilsad

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට වැසේ

Mohamed Dilsad

Leave a Comment