දේශීය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් අද (14) පැවැත්වීමට නියමිතව තිබේ.

 

අද පෙරවරු 9.30 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

 

මේ අතර පාර්ලිමේන්තුව ජුලි 18 සිට 21 වනදා දක්වා රැස්වීමට තීරණය කර තිබේ.

 

එම කාලය තුළදී රේගු ආඥාපනත සහ ආනයන හා අපනයන පාලන පනතේ රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතය.

 

එමෙන්ම දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ සහ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදය පැවැත්වීමට තීරණය කර තිබේ.

 

ඊට අමතරව මහ බැංකු පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට ද නියමිතව ඇති අතර අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය විවාදයකින් තොරව අනුමත කිරීමට සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.

 

බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ද එළඹෙන පාර්ලිමේන්තු සතියේදී පැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

හම්බන්තොට අධිවේගයේ පැය 24 ක ආදායම ලක්ෂ 200 ඉක්මවයි

Mohamed Dilsad

භානුක නැවතත් පිටියට

Mohamed Dilsad

උසස් පෙළ ප්‍රතිඵල ලබන සතියේ

Mohamed Dilsad

Leave a Comment