දේශීය

ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

 

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45 ක පමණ තරමක් තද සුළං ඇතිවිය හැකිය.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Related posts

පහරකෑමක් නිසා රෝහල්ගතව සිටින කොළඹ නගර සභා මන්ත්‍රීනියගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක ජාතික රෝහලට

Editor O

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ගේ හැඳුනුම්පත් සකස් කිරීමට විශේෂ දිනයක් හෙට

Mohamed Dilsad

ව්‍යවස්ථාදායක සභාව අද යළි රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment