දේශීය

රාජිතට එරෙහි නඩුවකට මහාධිකරණය දුන් නියෝගය

රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක සාක්ෂි විභාගය නොවැම්බර් මස 22 වනදා ආරම්භ කරන බව කොළඹ මහාධිකරණය අද නිවේදනය කළේය.

 

2014 වසරේ දී මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට අඩු මුදලකට බදුදීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි විත්තිකරුවන්ට චෝදනා එල්ලව ඇත.

 

මෙම නඩුව අද (13) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

 

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ලබා දුනි.

 

එම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එහි කළමනාකාර අධ්‍යක්ෂ නිල් රවීන්ද්‍ර මුණසිංහ යන අය නම් කර තිබේ.

Related posts

වී වගාව සඳහා පොහොර සහනාධාරය කුඹුරු අයිතිකරුවන්ට සහ අඳ ගොවීන්ට පමණයි

Editor O

කඩාවැටුණු බූවැලිකඩ ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් නිසි ප්‍රමිතියෙන් තොරයි

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ සේවකයින්ගෙන්, ආහාර පාන සඳහා මසකට අය කරන මිල ඉහළ දමයි

Editor O

Leave a Comment