දේශීය

ඇඳිරි නීතිය අතරතුර අත්‍යාවශ්‍ය සේවා සඳහා ඇඳිරිනීති බලපත්‍රයක්

(UTV |කොළඹ) – නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක ව ඇති කාලය අතරතුර අනෙකුත් නිෂ්පාදනය කටයුතු පවත්වාගෙන යාමට එම කර්මාන්ත ශාලා සඳහා ඉක්මණින් ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමයක් හඳුන්වා දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ඊයේ (02) පැවැති සාකච්ඡාවකදී එම තීරණය ගත් බවයි.

මෙහිදී සම්පූර්ණ කරන ලද අයඳුම්පත secetary@mws.gov.lk යන විද්‍යුත් තෑපෑලට යොමුකිරීම මගින් ඇඳිරිනීති බලපත්‍රය පහසුවෙන් ලබාගත හැක.

මේ සඳහා විශේෂයෙන් ම ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය යන ආයතනවල අනුමත එමෙන්ම විවිධ කෘෂිකාර්මික, ධීවර කටයුතු, වෙනත් නිෂ්පාදන, වැවිලි කටයුතුවලට සම්බන්ධ කර්මාන්තශාලා පවත්වා ගෙන යාමට අවශ්‍ය නම් මෙම අයදුම්පත පුරවා යැවිය යුතුය.

මෙහි වැඩි විස්තර සඳහා දැන් ගැනීම සදහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු දෙදෙනෙක් පත්කර තිබේ. ඒ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි යූ ඒ එල් උඩහවත්ත මහතා (0718591923) සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියංකර සිල්වා මහතා (0718591868).

එම අයඳුම්පත මේ ඔස්සේ භාගත කර ගත හැක.

 

Related posts

උපාධිධාරීන්ට පත්වීම් ලිපි ප්‍රධානයේ සංකේතාත්මක උත්සවයක් අද

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගයේ මාතර – හම්බන්තොට කොටස අද මධ්‍යම රාත්‍රියේ සිට ජනතාවට විවෘතයි

Mohamed Dilsad

ලංකා බැංකුවට නව සභාපතිවරයෙක්

Mohamed Dilsad

Leave a Comment