දේශීය

දෙවන අන්තර් මෝසම නිසා වැසි ඇතිවේ

(UTV |කොළඹ) – දෙවන අන්තර් මෝසම් කාලගුණ තත්වය දිවයින තුළ ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් ඉදිරි කාලයේදී සවස හෝ රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් ඌව නැගෙනහිර උතුරු මැද සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට සහ වව්නියා දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටි.

මේ අතර මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්වයක් බලාපොරොත්තු විය හැක.

 

Related posts

දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්

Mohamed Dilsad

දියේ ගිලීමෙන් කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙක් මරුට

Mohamed Dilsad

අනවශ්‍ය ගමන් බිමන් වලින් වළකින්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment