දේශීය

දියේ ගිලීමෙන් කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙක් මරුට

මදුරන්කුලිය සහ අරලගංවිල යන ප්‍රදේශවල දී දියේ ගිලී කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයන් දෙදෙනකු මියගොස් තිබේ.

 

පොලීසිය පැවසුවේ, මදුරන්කුලිය ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඇති ඇළකට වැටී දියේ ගිලීමෙන් කුඩා පිරිමි දරුවෙකු මිය ගොස් ඇති බවයි.

 

පැවති වර්ෂාව හේතුවෙන් එම ඇළෙහි ජලය පිරී තිබී ඇති අතර, දරුවා ඊට වැටීමෙන් මෙලෙස දියේ ගිලී තිබේ.

 

මියගොස් ඇත්තේ, අවුරුද්දයි මාස 02ක් වයසැති මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචි ව සිටි කුඩා පිරිමි දරුවෙකි.

 

මේ අතර, අරලගංවිල 05 කණුව ප්‍රදේශයේ ඉසෙඩ්.ඩී ඇළට වැටී මියගිය පුද්ගලයෙකු ගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

 

මියගොස් ඇත්තේ, 73 හැවිරිදි මැදගම දෙවගල ප්‍රදේශයේ පදිංචි ව සිටි අයෙකි.

 

Related posts

සුරාසැල් විවෘත කිරීමට ගත් තීරණය යළි සලකා බලන්න – GMOA

Mohamed Dilsad

සෙනසුරාදා දිනවලදී තැපැල් කාර්යාල යළිත් විවෘතයි

Mohamed Dilsad

ජනාධිපති යළි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment