ගොසිප්

බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය දීර්ඝ වෙයිද?

(UTV |කොළඹ) – බස්නාහිර පළාතට යොදවා ඇති ඇඳිරි නීතිය දීර්ඝ කරන්නේද යන්න සම්බන්ධයෙන් අවධානය යොමුව් ඇති බව යුධ හමුදාපතිවරයා පවසයි.

යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ අද සහ හෙට දිනයේ ලැබෙන PCR පරීක්‍ෂණ වල තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගැනීමට නියමිත බවයි.

යුද හමුදාපතිවරයා මේ බව පැවසුවේ අද(31) උතුර පළාතේ සංචාරයකට එක්වු අවස්ථාවේදීය.

කිලිනොච්චි ප්‍රදේශයට පැමිණි යුද හමුදාපතිවරයා පවතින කොරෝනා වසංගතය හමුවේ ඊට මුහුණදෙන ආකාරය සම්බන්ධයෙන් යුද හමුදාව දැනුවත් කර තිබේ.

එමෙන්ම කොරෝනා වසංගතය මැඩපැවැත්වීම සඳහා හමුදා සාමාජිකයින් දක්වන දායකත්වය එහිදී ඇගයීමකට ලක් කර ඇත.

 

Related posts

කොරෝනා පැණියේ මුල්ම පරීක්ෂණ වාර්තාව මෙන්න

Mohamed Dilsad

කොවිඩ් නව ප්‍රභේදය ආසාදනය වූ රෝගියෙක් මෙරටින් හමුවේ

Mohamed Dilsad

උපාධිය අතැතිව 7 වසරක් රෝද පුටුවේ සිටි මධූගේ සිහිනය සැබෑවක් වෙයි

Mohamed Dilsad

Leave a Comment