දේශීය

මෙරට වායු දුෂණයත් ඉහළ යයි

(UTV |කොළඹ) –   මෙරට වායු දූෂණ මට්ටමද අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවපෙන්සවා දෙයි.

විශේෂයෙන් කොළඹ, මහනුවර, පුත්තලම, වවුනියාව, යාපනය ඇතුළු ප්‍රදේශවල වායුගෝලයේ අංශුමය ද්‍රව්‍ය මට්ටම පසුගිය 27 වැනිදා සිට අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති අතර මේ පිළිබඳව අධ්‍යයනය කර තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ ඉන්දීය අර්ධද්වීපයේ ඉහළ අහසේ වායු දූෂක සුළං ප්‍රවාහ මෙරට වායුගෝලයට ඇතුළු වීම බවයි.

මෙරට අවට තියෙන වායු ගෝලයේ සුළං රටාව වෙනස් වෙලා තියෙනවා. ඒ වෙනස් වීමත් සමඟ ලංකාව තුළටත් මේක ගමන් කරලා තිබේ.

ඒ නිසා විශේෂයෙන්ම ලංකාවේ මධ්‍යම, උතුරු පළාත්වල වගේ සෑම ප්‍රදේශයකම යම්කිසි වැඩිවීමක් පෙන්නුම් කර ඇත.
මේ හේතුවෙන් සාමාන්‍යයෙන් සංවේදී පුද්ගලයින්ට යම්කිසි ස්වසන ආබාධ ඉහළයෑමේ හැකියාවක් පවතින බව සොයා ගෙන තිබේ.

Related posts

ලොවපුරා කොරෝනා රෝගීන් ගණන 5 ලක්ෂ 30දහස ඉක්මවයි

Mohamed Dilsad

කොළඹ වරායේ සේවකයන් පිරිසක් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

ඉන්ධන බෙදාහැරීම ගැන ඇමතිගෙන් ට්විටර් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment