දේශීය

බස්නාහිරට ඇතුළුවන සෑම ස්ථානයකටම විශේෂ මාර්ග බාධක

(UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලයේදී අත්‍යවශ්‍ය රාජකාරී කටයුතුවල නිරතවන පිරිස් හැරුණුවිට වෙනත් කිසිඳු අයෙකුට බස්නාහිර පළාතට ඇතුළුවීමට හෝ පිටවීමට අවසර හිමි නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු ලෙස නම්කර ඇත්තේ ජලය, විදුලිය, සන්නිවේදනය, මාධ්‍ය, සෞඛ්‍ය, ඖෂධ, වරාය සහ ගුවන් තොටුපළ ආදී කටයුතු බවද ඔහු අවධාරණය කරයි.

බස්නාහිර පලාතට ඇතුල්වන සහ පිටවන ස්ථානවල විශේෂ මාර්ග බාධක යොදා ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ.

එහිදී අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධ කරුණකට හැරුණුකොට බස්නාහිර පළාතේ සිට රථවාහන පිටත්වීම අත්හිටුවා ඇත.

අධිවේගී මාර්ගයේ පවා වාහන ගමනා ගමනය අද මධ්‍යම රාත්‍රියේ සිට සීමාවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

මේ අතර අද උදෑසන 6 සිට බස්නාහිර පළාතේ සිට පිටවන සියලුම රථවාහන විශේෂ සෝදිසි කිරීමකට ලක්කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

 

Related posts

උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක් කලින් පිටවුණාද…? – විභාග දෙපාර්තමේන්තුවෙන් හදිසි තීරණයක්

Editor O

වැල්ලවත්ත ප්‍රදේශය සම්බන්ධයෙන් පැතිරයන පුවත් අසත්‍යයි – පොලිසිය

Mohamed Dilsad

කැළණියේ සිසුන් සිව් දෙනා රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment