දේශීය

බස්නාහිර පොලිස් නිළධාරින් 412 ක් නිරෝධායනයට

(UTV | කොළඹ) – බස්නාහිර පළාතේ සේවයේ නියුතු පොලිස් නිළධාරින් 412 දෙනෙකු කොරෝනා වසංගත තත්වය හමුවේ මේවනවිට නිරෝධායනය සඳහා යොමුකර ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.

ඒ අතරින් 57 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලද 355 දෙනෙකු ස්වයං නිරෝධායනයටද යොමුකර තිබේ.

බස්නාහිර පළාතේ පොලිස් නිළධාරින් 10 දෙනෙකු මේ වනවිට කොරෝනා වෛරසයට ගොදුරුවී සිටින බවද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

 

Related posts

කොරෝනා එන්නත් විශේෂ පෙරහුරුවක් අද ස්ථාන 3 කදී

Mohamed Dilsad

රිෂාඩ් බදියුදීන් සහ ඇමරිකා තානාපතිනිය අතර, විශේෂ හමුවක්

Editor O

ජනපති ගිය නිවාස අධිකාරී කාර්යාලයේ කළමනාකරුවන්ට මාරුවීම්

Mohamed Dilsad

Leave a Comment