දේශීයවිදෙස්

සඳ මත ජලය ඇති බව තහවුරු වෙයි

(UTV |ඇමෙරිකාව) – සඳ මත නිසැකවම ජලය පවතින බව තහවුරු වී ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.

ඒ, සඳ පිළිබඳ දිරිගන්වන සුළු සොයා ගැනීමක් හෙළිදරව් කරන බවට මීට දින කිහිපයකට පෙර ඉඟි කිරීමෙන් අනතුරුවයි.
සඳ මතුපිට චන්ද්‍ර ආවාට තුළ අණුක ජලය පවතින බවට මීට පෙර අනාවරණ වී තිබුණි.
නව සොයා ගැනීම වන්නේ සඳ මතුපිටද එලෙස අණුක ජලය සහිත කලාප පවතින බවයි.
මෙම සොයා ගැනීම නාසා ආයතනයේ ගොඩාඞ් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුවේදී අනාවරණ කෙරුණි.
මෙය සඳ මතුපිට ස්ථිර පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා විශේෂයෙන් වැදගත් වන සොයා ගැනීමක් ලෙස සැලකේ.

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සේවය ලන්ඩන් ගුවන් ගමන් මාර්ගය වෙනස් කරයි

Mohamed Dilsad

නාමල් රාජපක්ෂගේ ප්‍රතිරූපයට හානි කරන්න කිසිවෙකුට බැහැ – හිටපු ආණ්ඩු­කාර ලක්ෂ්මන් යාපා අබේ­ව­ර්ධන

Editor O

හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 3,500කට සත්කාරකත්වය

Editor O

Leave a Comment