දේශීය

මුහුදුබඩ සියලු දුම්රිය ධාවනය කොල්ලුපිටිය දක්වා පමණයි

(UTV | කොළඹ) – කැලණිවැලි, පුත්තලම සහ ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනය කෙරෙන සියලු දුම්රිය අද (26) සිට නැවත දැනුම්දෙන තුරු අවලංගු කර තිබේ.

කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් දුම්රිය අවලංගු කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන්වාර 06ක් පමණක් ධාවනය වන අතර එම දුම්රියන් කොල්ලුපිටිය දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කෙරෙනු ඇත.

මීට අමතරව අලුත්ගම – ගාල්ල, ගාල්ල – බෙලිඅත්ත, පොල්ගහවෙල – මහව සහ නාවලපිටිය කොට්ඨාශයේත්, අනුරාධපුර කොට්ඨාශයේත් සියලුම කෙටිදුර දුම්රියන් නියමිත පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව  වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

Mohamed Dilsad

මහාචාර්ය නීලිකා මලවිගේට ජාත්‍යන්තර තනතුරක්

Editor O

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනපති කොමිසම හමුවේ සාක්ෂි විමසීම් අදත්

Mohamed Dilsad

Leave a Comment