දේශීය

ගම්පහ වෙළඳසැල් හෙට විවෘතයි

(UTV |ගම්පහ) – ඇඳිරි නීතිය පැනවූ  ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යවශ්‍ය  භාණ්ඩ මිලදී ගැනීම සඳහා  සියලුම අත්‍යවශ්‍ය ආහාර බෙදාහැරීමේ මධ්‍යස්ථාන සහ ඔසුසැල් හෙට(26) විවෘත කෙරේ.

ඒ අනුව හෙට පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ සියළු බැංකු මධ්‍යස්තානද අවම සේවකයින් පිරිසක් යොදවාගෙන විවෘත කරන ලෙස යුධ හමුදාපතිවරයා දැනුම් දෙයි.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

 

Related posts

වසන්ත මුදලිගේ ට වරෙන්තු

Mohamed Dilsad

කොරෝනා හත් වන මරණයත් වාර්තාවේ

Mohamed Dilsad

අලුත් අවුරුද්දට ගමේ යන්න, බස් සහ දුම්රිය අමතර ගමන් වාර

Editor O

Leave a Comment