දේශීය

ත්‍රිකුණාමලය මධ්‍යම මත්ස්‍යය වෙළඳ සංකීර්ණයත් වසා දමයි

(UTV | ත්‍රිකුණාමලය) – ත්‍රිකුණාමලය මධ්‍යම මත්ස්‍යය වෙළද සංකීර්ණය තාවකාලිකව වසා දමා ඇත.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය සයෝලී පවන් මහතා පැවසූවේ මත්ස්‍යය වෙළද සංකීර්ණයේ සේවය කළ සේවකයින් 04 දෙනකු කොරෝනා ආසාදිතයින් ලෙස හදුනා ගැනීමත් සමග මෙම තීරණය ගෙන ඇති බවයි.

පසුගියදා මෙම වෙළඳ සංකීර්ණයේ පුද්ගලයින් 39 දෙනකුගෙන් ලබාගත් ජෛව සාම්පල්වල ප්‍රතිඵල අනුව ඉන් සේවකයින් 04 දෙනකු ආසාධිතයන් ලෙස අද දිනයේදී තහවුරු වී ඇති බව ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

 

Related posts

තවත් ආසාදිතයන් 5 ක් සුව අතට

Mohamed Dilsad

ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන අභියාචනාධිකරණ තීන්දුව අද

Mohamed Dilsad

උසස් පෙළ විභාගය ගැන විභාග කොමසාරිස් ජනරාල්ගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment