දේශීය

කෝටි දෙකේ තෑගි පාර්සලය

(UTV |කොළඹ) – ප්‍රංශයේ සිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබූ තෑගි පාර්සලයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් පරීක්‍ෂා කර තිබේ.

එහි රුපියල් දෙකෝටි දෙලක්ෂ හතලිස් දහසක් වටිනා මෙතැම්පටමයින් නැමැති භයානක මත්ද්‍රව්‍ය පෙති 4,048 ක් සූක්ෂම ලෙස සගවා තිබූ බව අනාවරණය වී ඇත.

ඒ අනුව ඊයේ(20) දින රාත්‍රීයේ දී එය භාර ගැනීමට පැමිණි කාන්තාවක්ද සමග අත්අඩංගුවට ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න පැවසුවේ.

කොළඹ, දෙහිවල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවකගේ නමට මෙම පාර්සලය එවා තිබූ අතර ඇය මෙම පාර්සලය භාර ගැනීමට පැමිණෙන තෙක් බලා සිට රේගු නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.

මෙම පාර්සලය තුළ රෙදි වලින් නිෂ්පාදිත අකුලා නැවිය හැකි පාවහන් අසුරණයක් තුළ මෙම එක්ස්ටසි (Ecstasy) නමින් ව්‍යවහාරයේ හඳුන්වන මෙම මත් පෙති තොගය සගවා තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

මෙම මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා අඩංගු පාර්සලය භාර ගැනීමට පැමිණි කාන්තාව ද රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.

Related posts

“සැලුසුම් කල පරිදි ශ්‍රී ලංකාව වෙනුවෙන් LNG සපයනවා” – NewFortress Energy

Mohamed Dilsad

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අද

Editor O

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් ගැන වෙනස් කතාවක්

Mohamed Dilsad

Leave a Comment