දේශීය

කොටුව පොලිස් ස්ථානය යළි විවෘත කෙරේ [UPDATE]

(UTV | කොළඹ) – කොරෝනා ආසාදිත පොලිස් පරීක්ෂකවරයෙකු හමුවීමත් සමඟ තාවකාලිකව වසා දැමූ කොළඹ – කොටුව පොලීසිය අද පෙරවරුවේ සිට යළි විවෘත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

වෙනත් පොලිස් ස්ථානවල නිලධාරීන් අනුයුක්ත කර එහි රාජකාරි කටයුතු යළි ආරම්භ කළ බව ඔහු පැවසීය.

 

——————————————————————————————————————————————————————

 

(UTV | කොළඹ) – බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරික්ෂකවරයෙක්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොටුව පොලීසියේ රාජකාරී කටයුතු තාවකාලිකව නතර කර තිබේ.

කොටුව පොලිසිය පිහිටි ගොඩනැගිල්ලේ දෙවන මහලේ පිහිටි බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ හෙළිවිය.

ඒ අනුව , කොටුව පොලීසියේ සියලු පොලිස් නිලධාරීන් මේ වනවිට ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

 

 

Related posts

බහු දින ධීවර යාත්‍රා සඳහා නිරෝධායන සහතිකය අනිවාර්ය කරයි

Mohamed Dilsad

කොරෝනා එන්නත ගැන සෙවීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක්

Mohamed Dilsad

බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස ලක්ෂ 5 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment