දේශීය

කොරෝනා එන්නත ගැන සෙවීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක්

(UTV |කොළඹ) – කොරෝනා වෛරසයට එරෙහිව භාවිත කෙරෙන එන්නත් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීම කෙරෙහි අවධානය යොමු වෙයි.

ඒ අනුව එම එන්නත මෙරටට ගෙන්වීමට අවශ්‍ය කටයුතු සහ එන්නත් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීම මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය මඟින් සොයා බැලීමට නියමිතය.

එලෙස කාර්ය සාධක බලකායක් පිහිටුවිය යුතු බවට ජනාධිපතිවරයා දැනුම් දුන් බව ජනාධිපති ප්‍රධාන උපදේශක සහ කොවිඩ් එන්නත් මෙරටට ගෙන්වීමේ සම්බන්ධීකරණ කටයුතු සඳහා පත් කළ ලලිත් වීරතුංග මහතා පවසයි.

එන්නත් මෙරටට ගෙන්වීම පිළිබඳව මූලික අධ්‍යයන කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතින අතර, ඉදිරි සති දෙක ඇතුළත ඒ සම්බන්ධයෙන් හොද පිළිතුරක් ලබාදීමට අපේක්ෂා කෙරේ.

Related posts

මැදින් පුර පසළොස්වක පොහොය අදයි

Editor O

ආගමික ස්ථානවලට රු 5,000ක වියළි ආහාර

Mohamed Dilsad

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට

Mohamed Dilsad

Leave a Comment