දේශීය

දවසේ කාලගුණ තත්ත්වය

(UTV |කොළඹ) – අද(19) දිනයේත්  බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උතුරු සහ නැගෙනහිර පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී (50-60) දක්වා වැඩි විය හැක.

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර, දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.

Related posts

කොළඹ මහ නගර සභා සීමාවේ වාහන නැවතුම් ගාස්තු එකතු කිරීම අද සිට

Mohamed Dilsad

ගුරු විදුහල්පති සංගම් කාටවත් බලපෑම් කරලා නෑ – ජෝෂප් ස්ටාර්ලිං

Mohamed Dilsad

දළදා වන්දනාවට හෙට සහ අනිද්දා එන්න එපා.

Editor O

Leave a Comment