දේශීය

කුලියාපිටියේ ගම්මාන 4ක් හුදකලා කරයි

(UTV |කුලියාපිටිය) – කුලියාපිටියේ ගම්මාන 04 ක සංචරණය සීමා පැනවීමට පියවර ගෙන තිබේ.

ඒ එම ප්‍රදේශයෙන් කොවිඩ් -19 වෛරස ආසාදිතයන් 11 දෙනකු හමුවීමත් සමගිනි.

මේ අනුව ගයියාල, ඌරුපිටිය, ඇන්නරුව සහා පල්ලේවල යන ගම්මාන 04ට මෙලෙස සංචරණ සීමා පනවා ඇත.

කුලියාපිටියේ පිහිටි දේවස්ථානයක පසුගිය දෙවැනිදා පැවැති මංගල උත්සවයකට මෙම පිරිස සහභාගී වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

එහි මනාල මහතාටද පසුගිය 12වැනි දා වෛසරය ආසාදනය වී තිබුණි.

කුලියාපිටිය ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයක මනාලයා ඇතුළු සිව් දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් සිදු කළ PCR පරික්ෂණවලදී මෙලෙස තවත් ආසාදිතයින් 11 දෙනෙකු හඳුනාගැනීමට හැකි විය.

Related posts

තෙල් නැව ගැන ගතයුතු තීරණයක් පිළිබඳව නීතිපතිගේ අවධානය

Mohamed Dilsad

හමුදා නිලධාරීන් රැසකට උසස්වීම්

Mohamed Dilsad

ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට

Editor O

Leave a Comment