දේශීය

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබා දිය යුතුයි – අගමැති

(UTV |කොළඹ) – විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබා දිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ සඳහා මැතිවරණ නීති සංශෝධනය කිරීමට තේරීම් කාරක සභාවක් යෝජනා කිරීමට නියමිතය.

මැතිවරණ කොමිෂන් සභාවේ උපායමාර්ගික සැලසුම් පිළිබඳව අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වා ඇති මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කොමිෂන් සභාවේ උපායමාර්ගික සැලසුමට අදාළව මැතිවරණ නීති සංශෝධනය වීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙන්වා දී තිබේ.

Related posts

පාරිභෝගිකයින් ට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

උසස් පෙළ විභාගයට එන කාර්ය මණ්ඩලයට විශේෂ ප්‍රවාහන දීමනාවක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා බන්ධනාගාරයේ ක්‍රිකට් කණ්ඩායම කේරල ප්‍රාන්තයේ පවතී තරගාවලිය ජයගනී

Mohamed Dilsad

Leave a Comment