දේශීය

ජනතා ප්‍රශ්නවලට විසඳුම් සොයන්න කමිටු 4ක්

(UTV | කොළඹ) – දරිද්‍රතාවය තුරන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබේ.

මේ අතර නිවේදනයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ, රටේ දරිද්‍රතාව අඩුවන පරිදි සියලු අංශයන්හි සංවර්ධන පැතිකඩයන් නව මාවතක් ඔස්සේ රැගෙන යාමට කටයුතු කරන බවයි.

මේ අතර අමාත්‍යවරුන් කමිටු ලෙස සංවිධානගත වී ජනතා ප්‍රශ්න විසදීමට මැදිහත් වීම කෙරෙහි අවදානය යොමු වී ඇති බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය පවසයි.

ඒ අනුව

සමාජ යටිතල පහසුකම් හා සංවර්ධන කමිටුව

ජීවනෝපාය සංවර්ධන කමිටුව

දේශීය නිශ්පාදන කර්මාන්ත වැඩි දියුණු කිරීමේ සංවර්ධන කමිටුව

ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව

ලෙස අදාළ වැඩසටහන් සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක වීමට නියමිතයි.

Related posts

කොරෝනා එන්නත විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාට

Mohamed Dilsad

ආසාදිතයන් 8000 ක් නිවෙස්වල නිරෝධායනයට

Mohamed Dilsad

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිට මාරුවක්

Mohamed Dilsad

Leave a Comment