දේශීය

මොරටුව ප්‍රදේශයට හෙට ජල සැපයුම අඩාල වෙයි

(UTV | කොළඹ) – මොරටුව ප්‍රධාන ජලපොම්පාගාරයේ නළ මාර්ගයක සිදුකරන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (17) පැය 12 ක කාලයක් මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි.

හෙට රාත්‍රී 8 සිට මෙය ක්‍රියාත්මක අතර , එම මහ නගර සභා බල ප්‍රදේශයේ පිහිටි සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයට ජල සැපයුම අඛන්ඩව ක්‍රියාත්මක වනු ඇති බවද දැනුම් දෙයි.

එගොඩඋයන සහ මෝදර ප්‍රදේශවලට අඩුපීඩනයක් යටතේ ජලය සැපයීමට කටයුතු යොදා ඇත.

මේ අතර අම්බලන්තොට,  ගල්වැව, බැල්ලගස්වැව, මානජ්ජාව, පහළ බැරගම, උඩබැරගම, අරවනමුල්ල සහ සමෝදාගම යන ප්‍රදේශවලට ද අද පෙරවරු 9 සිට හෙට පෙරවරු 9 දක්වා ජල සැපයුම අත්හිටුවා ඇති බව ජලසම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

 

Related posts

වෛද්‍ය සහතික ගන්න ඔන්ලයින් ක්‍රමයට අද සිට දින වෙන් කර ගන්න

Mohamed Dilsad

රියදුරු බලපත්‍ර ගැන විශේෂ පණිවුඩයක්

Mohamed Dilsad

එක් දිනකදී රැගෙන ආ වැඩිම කොවිඩ් එන්නත තොගය දිවයිනට

Mohamed Dilsad

Leave a Comment