විදෙස්

තෙදිනක් තුළ ලෝ පුරා ආසාදිතයන් මිලියනයක්

(UTV | කොවිඩ් 19) – අවසන් දින තුනේදී ලොව පුරාම කොරෝනා ආසාදිතයන් මිලියනයක් වාර්තා වී ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කර ඇත.

ප්‍රංශය, රුසියාව, නේපාලය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත කිහිපයකින්ම වාර්තා වන වෛරස් ආසාදිතයන්ගේ ගණන වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙන අතර , ඉන්දියාවෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන ඊයේ (11) මිලියන 07 ඉක්මවා ගොස් තිබේ.

මේ වනවිට වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ ගණන මීට පෙර වාර්තා නොවූ අයුරින් වේගයෙන් ඉහළ යමින් තිබෙන බව ද ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

ඉන්දියාවෙන් ඉරිදා දිනයේ දී ආසාදිතයන් 74,383 ක් හඳුනාගත් අතර ඒ අනුව එරටින් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන මිලියන 7 ඉක්මවා ගියේය. ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මේ වනවිට වාර්තා වන වෛරස් ආසාදිතයන්ගේ ගණන මිලියන 7.7කි.

Related posts

යුරෝපා සංගමය, කොටි තහනම දීර්ඝ කරයි.

Editor O

මගීන් 293ක් සමඟ ගුවන් යානයක් අනතුරක

Mohamed Dilsad

ඉන්දුනීසියා අගන් ගිනි කන්ද යළි සක්‍රිය වෙයි

Mohamed Dilsad

Leave a Comment