ගොසිප්

කොරෝනා රෝගියෙකු නිසා මීගමුවේ පිහිටි පෞද්ගලික රෝහලක් වැසේ

(UTV |මීගමුව) – කොරෝනා රෝග ව්‍යාපත් වීමේ අවදානම නිසා මීගමුවේ පිහිටි  පෞද්ගලික රෝහල වසා දමා තිබේ.

ඒ නේවාසිකව සිට ප්‍රතිකාර ලැබූ රෝගියකු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වීමත් සමගය.

මීගමුවේ පිහිටි ආවේමරියා පෞද්ගලික රෝහල මෙලෙස වසා දමා තිබේ.

මීගමුව පන්සල් හන්දිය පාරේ පදිංචි පුද්ගලයකු මෙසේ කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් නිවෙස් තුළම නිරෝධායනය කොට ඇති බව වාර්තා වේ.

මේ නිසා ඔක්තෝබර් 06 වැනිදා සිට 09 වැනි දින උදෑසන දක්වා ආවේමරියා පෞද්ගලික රෝහලට ආගිය අයෙක් නම් මීගමුව මහ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරී කොවිඩ්-19 මෙහෙයුම් මධ්‍යස්ථානය අමතා තොරතුරු ලබාදෙන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දෙයි.

Related posts

තවත් කොවිඩ් මරණයක්

Mohamed Dilsad

රජුන් තනන්නාගේ උපන් දිනය අදයි

Mohamed Dilsad

කිරිපිටි මිල නැවත ඉහළ යන ලකුණු

Mohamed Dilsad

Leave a Comment