විදෙස්

කොරෝනා සමයේ කෝටිපතින්ගේ වත්කම ඉහළට

(UTV |ඇමෙරිකාව) – කොරෝනා වසංගතය පැවති කාලයේ ලොව බොහෝ දෙනෙකු ආර්ථිකමය වශයෙන් කඩා වැටුණි.

විශේෂයෙන් ව්‍යාපාරික ප්‍රජාවට මෙම කාලය තුළ වැඩි බලපෑමක් එල්ල විය.

නමුත් කොරෝනා රෝගය පැතිරීම උපරිම මට්ටමට පැවති පසුගිය අපේ‍්‍රල් – ජුලි කාලසීමාවේදී ලොව කෝටිපතින්ගේ වත්කම සියයට 27කින් වර්ධනය වී ඇති බව අධ්‍යයන වාර්තාවකින් අනාවරණය කරයි.

‘UBS’ හා ‘PWC’ යන ආයතන විසින් පවත්වා ඇති ‘රයිඩින් ද ස්ටෝම්’ නමැති මෙම අධ්‍යයනයට අනුව අදාළ කාලසීමාව තුළ ලොව වාසය කරනු ලබන කෝටිපතින්ගේ සංඛ්‍යාව 2189 ක් දක්වා සුළු වශයෙන් වැඩි වීමක්ද සිදුව තිබේ.

අදාළ අධ්‍යයන වාර්තාවට අනුව මෙසේ කෝටිපතින්ගේ වත්කම කොරෝනා වසංගත සමයේ වැඩි වී ඇත්තේ බොහෝ රටවල කොටස් වෙළඳපළ යහපත් හැසිරීමක් පෙන්නුම් කිරීම හේතුවෙනි.

කොරෝනා වසංගතයේ බලපෑම අවම කිරීම සඳහා බොහෝ රජයන් ආර්ථික සහන පැකේජ හඳුන්වා දීම හේතුවෙන් කොටස් වෙළඳපළ කඩා නොවැටී හොඳින් ක‍්‍රියාත්මක වීම මෙම කෝටිපතින්ගේ ආදායම වැඩි කිරීමට හේතු වී ඇති බව හෙළි වී තිබේ.

අදාළ වාර්තාවට අනුව තවමත් ලොව ප‍්‍රධානතම කෝටිපතියා වනුයේ සුප‍්‍රකට ඇමේසන් ව්‍යාපාරයේ හිමිකරු වන ජෙෆ් බෙසොස් වන අතර ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 200කි.

Related posts

නේපාලයේ ශ්‍රේෂ්ඨාධිකරණයටත් ගිනි තියයි.

Editor O

බ්‍රිතාන්‍යට බලපෑ ඩෙනිස් කුණාටුවෙන් එක් අයෙක් මරුට

Mohamed Dilsad

ඉරාකයේ සිටින ඇමරිකානුවන්ට වහා ඉවත් වන්නැයි දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment