විදෙස්

ඉරාකයේ සිටින ඇමරිකානුවන්ට වහා ඉවත් වන්නැයි දැනුම් දීමක්

(UTV | ඇමරිකාව) –  ඇමරිකානු පුරවැසියන්ට වහාම ක්‍රියාත්මකවන පරිදි ඉරාකයෙන් ඉවත්වන ලෙසට එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බැග්ඩෑඩ් ගුවන්තොටුපල අසලදී අමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් ඉරාන හමුදා ප්‍රධානයෙකු ඇතුලු හමුදා සාමාජිකයින් පිරිසක් මියයාමේ සිද්ධියත් සමඟ උද්ගතව ඇති නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් මෙම දැනුම් දීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම යළි දැනුම් දෙනතුරු බැග්ඩෑඩ්හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය වසා තැබෙන බව ද නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

Related posts

බංගලාදේශය යළි ඇවිලේ ; තැන තැන ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළට

Editor O

ක්‍රිප්ටෝ මුදල් ගැන මහ බැංකුවේ අවධානය

Editor O

හින්දි සිනමාවේ තවත් දැවැන්තයෙකු අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment