ව්‍යාපාරික

වසර 50 කට පසු කෘෂිකාර්මික භාණ්ඩ ප්‍රවාහනයට දුම්රිය සේවය

(UTV | කොළඹ) –  වසර 50 කට පසු යළිත් කෘෂිකාර්මික භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුම්රිය සේවය භාවිත කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

කෘෂිකාර්මික භාණ්ඩ ප්‍රවාහනයට මාර්ගවල ප්‍රවාහන මාධ්‍ය භාවිතයේ දී වැයවන අධික පිරිවැය, මාර්ග තදබදය හා පරිසර දූෂණය වැළැක්වීම මෙහි අරමුණ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දාන්නද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

ඒ අනුව කොළඹ – ත්‍රීකුණාමල වරායන් හරහා ඍජුව පොහොර ප්‍රවාහනය කිරීමටත් , උතුරු, දකුණු හා උඩරට ගොවිබිම් ආවරණය කරමින් එළවළු, පළතුරු හා තේ ඇතුළු අපනයන බෝග නාගරික ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීමටත් අපේක්ෂා කෙරෙනු ඇත.

එමෙන්ම මාළු නිෂ්පාදන සඳහා අධි ශීතකරණ පහසුකම් සහිත දුම්රිය මැදිරි භාවිත කිරීමට පියවර ගනු ඇති.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, රජයේ පොහොර සමාගම් විසින් පොහොර ප්‍රවාහනය සඳහා වසරකට රුපියල් මිලියන 650 ක් වැය කරන බවත්, ඒ සඳහා දුම්රිය යොදාගනිමින් ප්‍රවාහන වියදම 50% කින් අඩු කිරීමට අදහස් කරන බවත් පැවසීය.

 

Related posts

Made in Sri Lanka පළමු ගෑස් උදුන ළඟදීම දේශීය වෙළඳපොළට

Mohamed Dilsad

පොල් සඳහා පැනවූ උපරිම සිල්ලර මිල ඉවතට

Mohamed Dilsad

කුළුබඩු අපනයනය ආශ්‍රිත නියමු ව්‍යාපෘතියක්

Mohamed Dilsad

Leave a Comment