දේශීය

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළට

(UTV |ගම්පහ) – මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයෙන් හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් ගණන 101 දෙනෙක් හඳුනාගෙන තිබේ.

ඊයේ (05) සිදුකළ PCR පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව මෙම පිරිස හඳුනා ගැනුණි.

ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සේවය සඳහා පැමිණි පිරිස් වන අතර ඉන් වැඩිම පිරිසක් මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

ඊට අමතරව දිවුලපිටිය, මීරිගම, ජා ඇළ, මහර, සීදුව සහ කටාන ප්‍රදේශවලින් එම ආසාදිතයින් හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ආයතනයේ නිවාඩු ගොස් සිටි කුරුණැගල කටුපොත, මොණරාගල මැදගම, යාපනය වේලනෙයි ප්‍රදේශවලින්ද ආසාදිතයින් හඳුනා ගෙන ඇත.

මෙම සියලුම ආසාදිතයින් කොළඹ IDH ඇතුළු රෝහල් වෙත යොමුකර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

ඔමික්‍රොන් රටට ඇතුලුවීම වළක්වාලීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගෙන අවසන්

Mohamed Dilsad

ඇමරිකාවෙන් පැනවෙන සැබෑ බද්ධ සියයට 58%ක්…?

Editor O

රිෂාඩ්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ ගත් තීරණය

Mohamed Dilsad

Leave a Comment