ව්‍යාපාරික

කොටස් වෙළඳපොලේ දිනක් තුළ විශාලතම කඩා වැටීම අද

(UTV |කොළඹ) – කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ විශාලතම කඩා වැටීම අද (05) දින වාර්තා විය.

අද(05) දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 462.99 කින් පහළ ගිය අතර මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 400 ක් ඉක්මවූ අගයකින් පහළ ගිය පළමු අවස්ථාව ලෙසින් මෙය වාර්තා වේ.

මීට පෙර තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ වැඩිම පහළ යාම මෙම වසරේ මාර්තු 20 දින වාර්තා වූ අතර එහිදී සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 303.10 ක පහළ යාමක් වාර්තා විය.

Related posts

එළවළු නරක්වීම හා පලතුරු ඉදීම ප්‍රමාද කරන්න නැනෝ විසඳුමක්

Mohamed Dilsad

මහ බැංකුව අද සිට බැංකු අනුපාතිකය අඩු කරයි

Mohamed Dilsad

යෝජිත දේපොළ බද්ද 90% ක් සාමාන්‍ය ජනතාවට බලපාන්නේ නැහැ – මුදල් රාජ්‍ය ඇමති

Editor O

Leave a Comment