ක්‍රීඩා

ලංකා ප්‍රිමියර් ලීග් 20 – 20 තරඟාවලිය යළිත් කල් යයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් පන්දුවාර 20 තරඟාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට 21 වැනිදා දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

රජයේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් මෙන්ම ක්‍රීඩකයන්ට නිරෝධායනය වීම සඳහා කාලය ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බව එම ආයතනය නිවේදනය කරයි.

IPL තරඟාවලිය නොවැම්බර් මස 10 වැනිදා අවසන් වීමෙන් අනතුරුව එම තරඟාවලියට එක්වන ඇතැම් ක්‍රීඩකයන් LPL තරගාවලියට එක්වීම හේතුවෙන් ඔවුන් හට දින 14 ක නිරෝධායන කාලයක් ලබාදෙමින් තරඟාවලියට සහභාගී කරගැනීමට අපේක්ෂා කරයි.

මීට අමතරව , හෙට (01) පැවැත්වීමට නියමිතව තිබු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයන් තෝරා ගැනිම මෙම මස 9 වැනිදා දක්වා කල් දැමීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

Related posts

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම කොදෙව් දූපත් බලා පිටත්ව යයි

Mohamed Dilsad

ශහිඩ් අෆ්රිඩි යළිත් මව්රට බලා පිටත්ව යයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාව​ට ලකුණු 20ක ජයක්

Mohamed Dilsad

Leave a Comment