දේශීය

විශ්ව විද්‍යාලවලට තෝරා ගන්නා සිසුන්ගේ කඩඉම් ලකුණු ඉදිරි දෙසතිය තුළ

(UTV | කොළඹ) – විශ්ව විද්‍යාලවලට තෝරා ගන්නා සිසුන්ගේ කඩඉම් ලකුණු ඉදිරි දෙසතිය තුළ ප්‍රකාශයට පත්කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

එම කොම්ෂන් සභාවේ උප සභාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සඳහන් කළේ, ඊට පෙර සියලු විශ්ව විද්‍යාල උප කුලපතිවරුන්ගේ සහභාගිත්වයෙන් ලබන සතියේ සාකච්ඡාවක් ද පැවැත්වෙන බවයි.

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත මෙවර විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 40,000 ක් පමණ වේ.

එය පසුගිය වසරට සාපේක්ෂව 10000 ක පමණ සංඛාවකින් ඉහළ ගොස් ඇත.

Related posts

තවත් කොරෝනා ආසාදිතයන් පිරිසක් පූර්ණ සුව අතට

Mohamed Dilsad

රිලව් චීනයට යැවීමට පසුගිය ආණ්ඩුව ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිය, පරිසරවේදීන් අධිකරණයට ගිහින් තහනම් කළා – හිටපු ඇමති මහින්ද අමරවීර

Editor O

සමගි ජන බලවේගය ගොනු කළ පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment